1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

අතිපූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමියන් සිරි වජිරාරාම දහම්පාසලේ අධ්‍යක්ෂක ධුරයට

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

සිරි වජිරාරාම දහම්පාසලේ 2018 වර්ෂයේ නවපරිපාලන සංශෝදනයක් සිදු විය. ඒ අනුව පුරා වසර ගණනාවක් ම දහම්පාසලේ ප්‍රධානාචාර්ය ධුරය දැරූ සිරි වජිරාරාම විහාරාධිකාරී අතිපුජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමියන් දහම්පාසලේ අධ්‍යක්ෂක ධුරයට පත් වූ අතර එතෙක් නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ධුරය දැරූ පූජ්‍ය මීගොඩ සුඛිත හිමියන් අභිනවයෙන් ප්‍රධානාචාර්ය ධුරයට පත්කරන ලදි.

මෙහිදී පුරප්පාඩු වූ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ධුරය සඳහා, දහම්පාසල් පරිපාලන කමිටුවේ සාමාජිකත්වය දැරූ නීතීඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතාව ද පත්කරන ලදි. මේ අනුව නීතීඥ ශිරන්ති ජයතිලක මෙනෙවියත්, නීතීඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතාත් සිරි වජිරාරාම දහම්පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ධුරයන් හොබවනු ඇත.

තවද, අද දින 2018 වර්ෂය සඳහා දහම් පාසල් විශේෂ සේවා ඒකකයට නව සාමාජිකයන් පත් කෙරුණු අතර ඔවුනට නිල ලාංජන ප්‍රදානය කිරීමද මහා සංඝරත්නය ඉදිරි පිටදී සිදු විය.

(ඡායාරූප)

ඡායාරූප - විසුර සංජය විරතුංග

Leave a Reply