1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

Visit of Jaffna Schoolchildren to Colombo

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

A special ceremony was held at the Siri Vajirarama Temple on the 24th of this month for the children of Narada Vidyalaya – Karaveddi, and the Madihe Pannhasiha Vidyalaya – Puttur, Jaffna as a special occasion for the Colombo tour.

යාපනයේ දමිළ පාසල් දරුවන්ගේ කොළඹ සංචාරය

අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමිපාණන් වහන්සේගේ සහ පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කරන ලද යාපනය කරවෙඩ්ඩි නාරද විද්‍යාලයේ සහ පුත්තුර් මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ දමිළ දූ දරුවන්ගේ කොළඹ චාරිකාවේ එක් විශේෂ අවස්ථාවක් ලෙස බම්බලපිටියේ සිරි වජිරාරාම විහාරස්ථානය වෙත පසුගිය 24 වන දින සවස පැමිණි අතර ඔවුන් වෙනුවෙන් සිරි වජිරාරාම විහාරස්ථාන ප්‍රධාන ධර්ම ශාලාවේ විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.

යාපනයේ සිට පැමිණි එම දරු-දරියන්, ගුරුවරුන් හා දෙමාපියන් ඇතුළු පිරිස අප විහාරස්ථානයේ සියල්ලන් විසින් ඉතා හරසරින් පිළිගත් අතර ප්‍රථමයෙන් ඔවුන් උදෙසා තේ පැන් සංග්‍රහයක් පිරිනමා පසුව ඔවුන් සමඟින් උත්සවය ආරම්භ කරන ලදි. විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණියේ හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාය. දමිළ-සිංහල සමඟිය ප්‍රකට කරන අලංකාර නාට්‍යයක් ද, ගීත ගායනා මෙන්ම එම දමිළ පාසල් දරු දැරියන් විසින් ඉදිරිපත් කල නර්ථන අංග වලින් ද මෙම උත්සවය ඉතා විචිත්‍රවත් විය.

පසුව එම දරුවන් සඳහා සුදානම් කරන ලද පොත්, පෑන්, පැන්සල් සහිත විශේෂ පාසල් උපකරණ කට්ටලයන් පැමිණ සිටි ප්‍රධාන අමුත්තන් අතින් ඔවුන් වෙත පිරිනැමුණු අතර උත්සවය අවසන් වූ පසු සියල්ලන් හට දමිළ ක්‍රමයට පිසින ලද නිර්මාංශ ප්‍රනීත රාත්‍රී ආහාර වේලකින් සංග්‍රහයක්ද සිදු කරන ලදි.

கொழும்பில் யாழ்ப்பாண பள்ளி மாணவர்கள் வருகை

டிசம்பர் 24 ம் திகதி, ஸ்ரீ விஜயரம விஹாரயாவில் ஒரு சிறப்பு விழா யாழ்ப்பாணத்தில் பம்பலப்பிட்டியில் உள்ள ஸ்ரீ வஜிரராம விஹாராயாவில் நடைபெற்றது. இது கரவெடி நாரத வித்யாலய மற்றும்5 புத்தூர் மூடி பன்னியாச வித்யாலயாவின் குழந்தைகளுக்கான சிறப்பு நிகழ்ச்சியாகும்.

– ඡායාරූප: ප්‍රවින් සමරසිංහ

Leave a Reply