1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

අපවත් වී වදාළහ ආචාර්ය මඩවල පුණ්ණජී මාහිමියන් හට මහා නාහිමියන් විසින් අවසන් ගෞරව දක්වතී.

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

අපවත් වී වදාළහ ආචාර්ය මඩවල පුණ්ණජී මාහිමියන් හට මහා නාහිමියන් විසින් අවසන් ගෞරව දක්වතී.

අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමියන්ගේ සහ අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නායක මාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වූ පූජ්‍යපාද ආචාර්ය මඩවල පුණ්ණජී මාහිමියෝ 2018 ජූලි මස 27 උදෑසන අපවත් වී වදාළහ.

උන්වහන්සේගේ දේහය 2018 ජූලි මස 28 දින මහනුවර, ප්‍රිම්රෝස් උයන, සිරි වජිරාරාමය වෙත වැඩම කරවන ලදී. ආදාහන පූජෝත්සවය ජූලි මස 30 වන සඳුදා සවස 3:00 ට ප්‍රිම්රෝස් උයන සිරි වජිරාරාමයේ දී ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අතිගරු මහරගම ධම්මසිරි නායක මාහිමියන්ගේ සහ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහනිකායේ මහානායක බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති අතිගරු තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කරන ලදි.

පුරා දශක පහකට වැඩි කාලයක් දේශීය මෙන් ම විදේශීය ධර්මප්‍රචාරක කටයුතු සිදුකරමින් සම්බුදු සසුනට අමිල මෙහෙයක් සිදුකළ අතිපූජනීය ආචාර්ය මඩවල පුණ්ණජී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

ජායාරුප එකතුව:

Leave a Reply