1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

සිරි වජිරාරාමවාසී පූජ්‍ය කුළුගම්මන සුපේසල හිමියන් අපවත් වෙති

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

බම්බලපිටියේ සිරි වජිරාරාමවාසී පූජනීය කුළුගම්මන සුපේසල හිමිපාණන් වහන්සේ අපවත් වූහ.

උන්වහන්සේ වර්ෂ 1931 කටුගස්තොට , කුළුගම්මන ග්‍රාමයේ දී උපත ලබා වර්ෂ 1986 දී අතිපූජනීය අග්ගමහාපණ්ඩිත මඩිහේ ශ්‍රී පඤ්ඤාසීහ උත්තරීතර මහානායක මාහිමිපාණන් වහන්සේගේ හා අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී උතුම් ප්‍රවෘජ්ජාව ලබා මහනුවර බෝවලවත්ත ආරණ්‍ය සේනාසනය , බම්බලපිටියේ වජිරාරාමය ආදී ස්ථාන වල වැඩ වෙසෙමින් ප්‍රශංසාර්හ ලෝක ශාසනික සේවාවක නිරත වෙමින් මහරු මෙහෙයක් ඉටු කළ යතිවරයන් වහන්සේ නමකි. අපවත් වන විට උන්වහන්සේ 87 වන වියෙහි පසු වූ හ.
පූජනීය කුළුගම්මන සුපේසල හිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා !

අපවත් වී වදාළ පූජ්‍ය කුළුගම්මන සුපේසල හිමිපාණන් වහන්සේගේ දේහය 2018.11.06 දින රාත්‍රී 8 පමණ වන විට සිරි වජිරාරාම විහාරස්ථානයට වැඩම කරවූ අතර පසු දින (2018.11.07) දවල් 12.30 ට මහා සංඝරත්නය විසින් පාංශුකූල කටයුතු සිද්ධ කිරීමෙන් අනතුරුව සවස 3ට දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට භාරදෙන ලදි.

Leave a Reply