අභිනවයෙන් ඉදිකළ ස්ථුපය තුල නිදන් වස්තූන් තැම්පත් කිරීමේ පිංකම
අභිනවයෙන් ඉදි කරන ලද ස්ථුපය තුල නිදන් වස්තූන් තැම්පත් කිරීමේ මහා පිංකමක් ඊයේ දිනයේ (08) රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී පැවැත්විණ.
සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යක්කලමුල්ලේ පවර හිමියන් ඇතුළු එම විහාරස්ථානයේ දායක-දායිකාවන් විසින් සංවිධානය කරන ලද මෙම පිංකම සඳහා ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහනායක, අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය වැඩම කරන ලදි.
මෙහි ප්‍රධාන දායකත්වය බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසලේ කළමණාකාර ආසිරි ජයවර්ධන මහතා සහ එම පවුලේ සැම ඉසුලු අතර මෙම පිංකම බම්බලපිටියේ සිරි වජිරාරාම කාර්ය සාධක සමිතිය, සාසන සාවිකා සමිතිය හා ප්‍රදේශවාසීන් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.