1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

‘පුංචි සිනා මල්’ ළමා පැදි පබඳ එළිදැක්වේ..

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

‘පුංචි සිනා මල්’ ළමා පැදි පබඳ එළිදැක්වීමේ චාම් උලෙළ සිරි වජිරාරාමයේදී

පුෂ්පා ජයවර්ධන මහත්මනිය විසින් රචිත ‘පුංචි සිනා මල්’ ළමා පැදි පබඳ දැයේ දරුවනට පිරිනැමීමේ චාම් උත්සවයක් ඊයේ දින (30) පස්වරුවේ සිරි වජිරාරාමයේ දී පැවැත්වුණි. එම ග්‍රන්ථයේ සිතුවම් නිර්මාණය සිබිල් වෙත්තසිංහ මහත්මනිය විසින් සිදු කර ඇත.

වජිරාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර ධර්ම රක්‌ෂිත නිකායේ මහනායක රාජකීය පණ්‌ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානාහිමියන්ද, සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂ පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමියන්ද, , සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය මීගොඩ සුඛිත හිමියන්ද, මහරගම සිරි වජිරඥාණ ධර්මායතනාධිපති අතිපුජ්‍ය හක්මන සුමනසිරි හිමියන්ද, ඇතුළු මහා සංඝරත්නය උත්සවයට වැඩම කර සිටි අතර විශේෂ අරාධිතයන් ලෙස ප්‍රවිණ ගීත රචක සුනිල් සරත් පෙරේරා සූරීන් සහ සිබිල් වෙත්තසිංහ මහත්මනිය සහභාගිව සිටියහ. තවද මෙම උත්සවයට පැමිණි ආරාධිතයන් අතර සිරි වජිරාරාම දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතාත්, උප ප්‍රධානාචාර්ය නීතිඥ ශිරන්ති ජයතිලක මෙනෙවියත් සිටියහ.

විශේෂාංග කිහිපයකින්ද අලංකෘත වූ මෙම උලෙළ සඳහා දෙසුමක් සිබිල් වෙත්තසිංහ මහත්මනිය විසින්ද, වෙසෙසි දෙසුම ප්‍රවිණ ගීත රචක සුනිල් සරත් පෙරේරා සූරීන් විසින් ද සිදු කල අතර මුලසුනේ දෙසුම අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමිහිමිපාණන්වහන්සේ විසින් සිදු කරන ලදි.

උත්සවය අවසානයේ පැමිණ සිටි සියල්ලන් වෙනුවන් විශේෂ සංග්‍රහයක්ද පැවැත්වුණි. මෙම උලෙළ සඳහා සිරි වජිරාරාම විහාරස්ථානයේ කාර්ය සාධක සමිතිය, සාසන සාවිකා සමිතිය මෙන්ම දහම්පාසලේ ගුරු මණ්ඩලය, විශේෂ සේවා ඒකකය, දහම් පාසලේ දැරු දැරියන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වුහ.

ඡායාරුප එකතුව:

– ඡායාරූප: ජගත් පෙරේරා මහතා

Leave a Reply