1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

බස රැස දෙස හා සසුන නඟන්නට “චිරං ජයතු” මහනා සමිඳුනි.!!

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

මහ නාහිමියන්ගේ ජන්මදිනය නිමිත්තෙන් උන්වහන්සේට සෙත්පතා විශේෂ ධර්ම දේශණාමය පිංකමක් සහ අටවිසි බුද්ධ පූජාව සහිත චෛත්‍ය වන්දනා මහා පුණ්‍යකර්මයක් සිරි වජිරාරාමයේදී..

අමරපුර ධර්මරක්ෂිත මහ නිකායේ මහ නායක ධුරීන, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති, ප්‍රවචන කීර්ති ශ්‍රී සාසන ජෝතික පරියත්ති විශාරද, ශ්‍රී ප්‍රඥාසිංහ ධර්ම කීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත,ශාස්ත්‍රපති, අතිපූජනීය තිරිකුණාමලේ ආනන්ද මහ නා සමිඳුන් ගේ සැටවන ජන්ම දිනය නිමිත්තෙන් මහනාහිමින්ට නිදුක් නිරෝගී චිර ජීවනය පතා ඉකුත් 20 වන සිකුරාදා දින සවස බම්බලපිටිය සිරි වජිරාරාමයේ දී ධර්ම දේශණාමය පිංකමක් සහ අටවිසි බුද්ධ පූජාව සහිත චෛත්‍ය වන්දනා මහා පුණ්‍යකර්මයක් පැවැත්වුණු අතර එම ධර්ම දේශණාමය පුණ්‍යකර්මය සඳහා ‘බෞද්ධයා’ මාධ්‍ය ජාලය විසින් මාධ්‍ය ආවරණයක් ද ලබා දෙන ලදි.

ධර්ම දේශණාව ගෞරව ශාස්ත්‍රවේදී, පූජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන්වහන්සේ විසින් සිදු කෙරෙනු ලැබූ අතර අටවිසි බුද්ධ පූජාව සහ චෛත්‍ය වන්දනාමය පිංකම – විනයාචාර්ය, පූජ්‍ය පිටිපන සාසනරතන ස්වාමීන්වහන්සේ සහ කුරුණෑගල චරනධම්ම ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීමෙන් මහා සංඝරත්නය විසින් සිදු කරන ලදි.

මහ නාහිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් පවත්වනු ලැබූ මෙම උතුම් ආශිර්වාදමය පුණ්‍යකර්මය සංවිධානය කිරීම සිරි වජිරාරාම විහාරස්ථානයේ කාර්ය සාධක සමිතිය සහ සාසන සාවිකා සමිතිය මඟින් සිදු කරන ලදි. ඊට විහාරස්ථානයේ දායක දායිකාවන්, දහම්පාසල් දරු-දැරියන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වුහ.

ඡායාරූප එකතුව:

ඡායාරූප -ප්‍රවින් සමරසිංහ

Leave a Reply