1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

පැවිදි පිංකම සහ 125 නමක් සඳහා මහා සංඝගත දක්ෂිණාව

  • Comments: 1
  • Posted by: VajiraramaAdmin

තුන් නමක් පැවිදි කිරීම සහ 125 නමක් සඳහා වූ මහා සංඝගත දක්ෂිණාවක් සිරි වජිරාරාමයේදී

සිරි වජිරාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර ධර්ම රක්‌ෂිත නිකායේ මහනායක රාජකීය පණ්‌ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානාහිමියන්ගේ උපාධ්‍යායාත්වයෙන් මහා සංඝරත්නය ඉදිරිපිට කුලදරුවන් තිදෙනෙක් සසුන් ගත කිරීමේ පිංකමක් ඊයේ (08) දින පෙරවරුවේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථාන ප්‍රධාන ධර්මශාලාවේදී පැවැත්විණ.

අනතුරුව 125 නමක් උදෙසා මහා සංඝගත දක්ෂිණාවක් පුජා කරන ලද අතර එය සිරි වජිරාරාම දහම් පාසල් සියවස් සමරුව සහ අපවත් වී වදාල රාජකීය පණ්‌ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන්ගේ 15 වෙනි ගුණ සමරුව මූලිකත්වයෙන් සංවිධානය වුවකි.

මේ සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක, අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමි, සියන් මහ නිකායේ උව පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය අඹේවෙල පඤ්ඤාසාර මහානාහිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමි ප්‍රධාන මහා සංඝරත්නය වැඩම කරන ලදි. පිළිගැනිමේ අනුශාසනාව අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානාහිමියන් විසින් සිදු කරන ලද අතර පුණ්‍යානුමෝදනාව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක මාතලේ ධම්මකුසල අනුනාහිමියන් විසින් සිදු කරන ලදි.

මෙදින උදැසන සිට දහවල දක්වා පැවැත්වූ පිංකම් මාලාවේ ප්‍රධාන සංවිධාන කටයුතු සිරි වජිරාරාම කාර්ය සාධක සමිතිය සහ සාසන සාවිකා සමිතිය විසින් සිදු කරන ලද අතර ඒ සඳහා සිරි වජිරාරාම දහම්පාසලේ ආචාර්ය මණ්ඩලය, විශේෂ සේවා ඒකකය, දැරූ-දැරියන් ඇතුළු බොහෝ පිරිසක් සහයෝගය දක්වන ලදි.

පැවිදි පිංකම :

125 නමක් සඳහා පිදුණ මහා සංඝගත දක්ෂිණාව :

– ඡායාරූප: ප්‍රවින් සමරසිංහ

Leave a Reply

1 Comment