1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

අතිපූජනීය නාරද නාහිමි සමරු සදහම් පහය වීවෘත කිරීම ජනපති අතින්..

  • Posted by: VajiraramaAdmin
  • Category: News - T. Ananda Nayaka Thero, Other, Poya Day, Siri Vajirarama - Monks, Siri Vajirarama - Temple

බම්බලපිටිය සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන් සදහා ජනපති එක්වෙයි..

බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ධර්ම ශාලාව අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද මාහිමියන් වහන්සේගේ නමින් සග සතුකොට පූජා කිරීමේ පුණ්‍යොත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (29) පෙරවරුවේ එක්විය.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව අතිපූජ්‍ය “නාරද මාහිමි සමරු සදහම් පහය” නමින් නම් කර තිබූ ධර්ම ශාලාව සඟ සතුකොට පූජා කළේය.

නව ධර්ම මණ්ඩපය විහාරස්ථානය වෙත පූජා කළ ජනාධිපතිතුමා, විහාරාධිපති අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශණය ශ්‍රවණය කිරීමට ද එක්විය.

ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

President engages in religious activities in Vajirarama Viharaya

President Maithripala Sirisena participated in religious activities in Siri Vajirarama Viharaya in Bambalapitiya where the renovated Dharmashala constructed in the memory of Most Ven Narada Thero was vested with the Mahasangha.

After offering poojas at the shrine room of Vajiramaya, President Sirisena, vested the Sangharamaya named after Most Venerable Narada Thero with the Maha Sangha.

The President, fulfilling the promise made earlier, donated a Dharma Mandapaya to the temple and later joined the devotees at the Dhamma Desana delivered by Ven Thirkunamalaye Ananda Thero.

A large number of Buddhist devotees were present on this religious activity on Vesak Full Moon Day.

ඡායාරූප එකතුව:

ඡායාරූප – කණ්ඩුල යටවර

Leave a Reply