1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාව සහ වාර්ෂික කඨින පුණ්‍යෙත්සවය 2018

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාව සහ වාර්ෂික කඨින පුණ්‍යෙත්සවය 2018

බම්බලපිටිය සිරි වජිරාරාමයේ වාර්ෂික කඨින පුණ්‍යෙත්සවය මෙම වසරේ ඔක්තෝම්බර් 27 – 28 දෙදින තුල පැවැත්වුණු අතර මෙවර එහි දායකත්වය උසුලනු ලැබූයේ සිරි වජිරාරාම සාසන සාවිකා සමිතිය විසිණි.

ඔක්. 27 දින රාත්‍රී 7.00 ට බුද්ධ පූජාවෙන් මෙම පුණ්‍යෙත්සවය ආරම්භ වූ අතර රාත්‍රී 8.00 ට මහ සංඝරත්නය වැඩමවීමෙන් පසුව සර්වරාත්‍රීක පරිත්‍රාණ දේශනය ආරම්භ විය.
පසුදින උදෑසන 4.00 ට වැල්ලවත්තේ තරුණ බෞද්ධ සමිති ශාලාවෙන් පිටත් වූ කඨින චීවරය රැගත් පෙරහර වීදි සංචාරයෙන් අනතුරුව උදෑසන 6 වන විට නැවත විහාරස්ථානයට පැමිණෙන ලදි.

ඉන් අනතුරුව විශාල පිරිසකගේ සාදු නාද මධ්‍යයේ සාසන සාවීකා සමිති සාමාජිකාවන් විසින් මහ සංඝරත්නය උදෙසා කඨින චීවරය පූජා කරන ලදී.

එදිනම සවස 5.30ට අටවිසි බුද්ධ පූජාව පැවත්වුණු අතර සවස 6.00 ට ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කඨිනානිශංස ධර්ම දේශනය සිදු කරන ලදි.

ඔක් (27) බුද්ධ පූජාව සහ සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාව:

ඔක් (28) වාර්ෂික කඨින පුණ්‍යෙත්සවය - 2018:

– ඡායාරූප: ප්‍රවින් සමරසිංහ

Leave a Reply