1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

2019 වසර සඳහා නවක සිසු-සිසුවියන් පිළිගැනිමේ උලෙළ

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

2019 වසර සඳහා නවක සිසු-සිසුවියන් පිළිගැනිමේ උලෙළ

සිරි වජිරාරාම දහම්පාසලට 2019 වසර සඳහා නවක සිසු සිසුවියන් ඇතුළත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පිළිගැනිමේ උත්සවය පසුගිය 13 වන ඉරුදින සිරි වජිරාරාම ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. මේම උත්සවය සිරි වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ සිරි වජිරාරාම දහම්පාසලේ අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමියන්, දහම්පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය මීගොඩ සුඛිත හිමියන් සහ වජිරාරාමවාසී ඥානසිහ යන හිමිවරුන් සහිත මහාසංඝරත්නයේ ආශීර්වාදයෙන් පවත්වන්නට යෙදුණි. උත්සවය සඳහා දහම්පාසල් ආචාර්ය මණ්ඩලය, දහම්පාසල් සිසු-සිසුවියන්, නවක සිසු-සිසුවියන් සහ දෙමපියන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වුහ.

මෙවර සිරි වජිරාරාම දහම් පාසලේ ‘ළමා අංශය’ සඳහා සුවිශේෂී වෙනස්කම් රැසක් සිදු කරන ලද අතර එය සිරි වජිරාරාමවාසී ඥානසිහ හිමියන්ගේ විශේෂ සංකල්පයකට අනුව ක්‍රියා කරමින් දහම් පාසල් උප ප්‍රධානාචාර්ය ප්‍රියන්ත මායාදුන්නේ මහතාගේ මඟපෙන්වීම යටතේ ළමා අංශ ප්‍රධානින් සහ ආචාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව සිදු කරන ලද ව්‍යාපෘතියකි.

– ඡායාරූප: ප්‍රවින් සමරසිංහ

Leave a Reply