1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

අතිපුජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුළ මහානාහිමියන් අපවත් වෙති

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

නූතන අවධියෙහි වජිරාරාම සඟ පරපුරට නොමැකෙන එළියක් දැල්වූ, සිරි වජිරාරාම දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්ය, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අම්පිටියේ ශ්‍රී රාහුළ මහානාහිමියන් අපවත් වෙති.

පරමපූජනීය පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජීවමාන අවසාන ශිෂ්‍ය රත්නය වූ වසර 106ක් සසුන’ඹර බබළවමින් වැඩ විසූ සිරි වජිරාරාම දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්ය, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති, මහෝපාධ්‍යාය, පරමපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුළ මහානාහිමිපානන්වහන්සේ පෙබරවාරි 17 වන දින උදෑසන අපවත් වුහ.

1914 දෙසැම්බර් 24 දින අම්පිටිය ප්‍රදේශයේ උසස් පවුලක් වූ සීමොන් රාජපක්ෂ යුවලට පුත්‍ර රත්නය වූ ධර්මදාස රාජපක්ෂ දරුවා මූලික අධ්‍යාපනය ලැබුවේ අම්පිටිය ශාන්ත මේරී සෙමනේරීයෙනි. පසුව බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපතිව වැඩ විසූ අතිපුජ්‍ය පැළැණේ සිරි වජිරඥාන මහානාහිමිපානන්වහන්සේ වෙතින් පැවිදිව ධර්ම විනය හදාරණ ලදී. නාහිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව තම සහෝදර හිමියන් වූ අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපානන්වහන්සේ සමඟ මහරගම සිරි වජිරඥාන ධර්මායතනය නමින් 1958 අප්‍රේල් 21 වැනිදා භික්ෂු පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කරන ලදී. උන්වහන්සේ එම විහාරස්ථානය මුලික කොට ගෙන එම ප්‍රදේශයේ ආගමික ප්‍රබෝධයක් ඇති කරන ලදී.

මිට අමතරව මහනුවර ප්‍රිම්රෝස් වජිරාරාම විහාරය, බෝවලවත්ත අරණ්‍ය සේනාසනය, මිහින්තලේ කටුපොත අරණ්‍ය සේනාසනය ආදී ශාකා විහාරස්ථාන ද උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය හේතු කොට ගෙන ආරමිභ වූ විහාරස්ථාන වේ.

මෙරට ගුවන් විදුලියේ ප්‍රකට ධර්ම දේශකයාණන්වහන්සේ නමක් වූ රාහුළ හිමියන් වසර දොළහකට අධික කාළයක් මහරගම ගුරු විද්‍යාලයේ බෞද්ධ ධර්මාචාර්යවරයාණන්වහන්සේ වශයෙන් කළ සේවය ප්‍රශංසනීයය. ඉංග්‍රීසි සිංහල දෙබසින් ම ධර්ම ග්‍රන්ථ රාශියක් ද රචනා කළ හිමිපාණෝ විශාල ශිෂ්‍ය පිරිසකගේ ආචාර්යවරයාණන්වහන්සේ ද වෙති. ඇමරිකාවේ වොෂිංටන් විහාරාධිපති මහරගම ධම්මසිරි හිමි, අපවත් වී වදාල ගංගොඩවිල සෝම හිමි, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමි ආදී ශිෂ්‍ය පුත්‍රයාණන්වහන්සේලා රැසකට ම රාහුල හිමියෝ සැබවින් ම පියෙක් විය. සීලවෘද්ධ, ගුණවෘද්ධ, තපෝවෘද්ධ යන ගුණයන්ගෙන් ප්‍රකට වූ උන්වහන්සේ වරෙක ප්‍රකාශ කළේ මේ භවයේ දී රහත් වන්නට නොහැකි වුවහොත් උපදින මතු හැම භවයක දීම පැවිදි වීමට පතන බවයි.

උන්වහන්සේ විසින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කරන ලද මහඟු සේවාව අගයමින් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ “ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර” ගෞරව නාමයෙන් පිදුම් ලද රාහුල හිමියෝ ලක්දිවට ඉමහත් ආලෝකයක් එක් කරන ලදී. මෙරට ශාසන ඉතීහාසයේ අපරිමිත සේවාවක් සිදු කළා වූ ද බෝසත් ගුණවලින් හෙබියා වූ ද අම්පිටියේ රාහුළ මාහිමිපාණන් වහන්සේ, අතිපුජ්‍ය පැලෑනේ සිරි වජිරඥාන මහනායක මාහිමිපාණන්වහන්සේන්ගේ සුජීවත්ව සිටි අවසන් ශිෂ්‍ය රත්නය වුහ.

ශතවර්ෂාධික කාලයක් ආයු වළඳා, කලක් ගිලව වැඩ සිටි, අතිපුජ්‍ය අම්පිටියේ රාහුල මහතෙරුන් වහන්සේ, අනියත ලෝකස්වභාවය පසක් කරමින්, පෙබරවාරි මස 17 වන සඳුදා දින උදෑසන අපවත් වී වදාළ සේක. උන්වහන්සේ පතන බෝධියකින් නිවනේ නිවී සැනසීම ලබන සේක්වා!

මහරගම - සිරි වජිරඤාණ ධර්මායතනයේ අතිපුජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අදාහන පුණ්‍යෝත්සවය

Posted by Siri Vajirarama Dhamma School. on Thursday, February 20, 2020
අම්පිටියේ ශ්‍රී රාහුල නායක මාහිමියන් වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා

අම්පිටියේ ශ්‍රී රාහුල නායක මාහිමියන් වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවා

Posted by Dhanushka Ramanayake on Thursday, February 20, 2020
අමා මහා නිවන් සුවය අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට අත්පත් වේවා

අප ආචාර්ය උත්තම අති පූජනීය අම්පිටිය ශ්‍රී රාහුල නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අපි ඉතාම කුඩා කාලයේ මගේ වයස එතකොට අවුරුදු 11ක් පමණ ඇති උන්වහන්සේගේ හෙවනට එනකොට එදා පටන් මේ මොහොත දක්වාම අපි උන්වහන්සේගේ ජීවිතයත් එක්ක උන්වහන්සේගේ ජිවිතයේ ආදර්ශයත් එක්ක ඒවාගේම ගුරු උපදේශ මේ හැම දෙයක් එක්කම අපේ ජිවිතයට ලැබිච්ච එඩිදහර වචනයෙන් කියන්නට බැරි තරමයි.බොහෝ ස්වාමීන්වහන්සේලාට මහරගම සිරි වජිරඤාන ධර්මායතනයේ ඒ වාගේම ශාඛා විහාරස්ථාන වල වැඩ වාසය කරන ස්වාමින්වහන්සේලාගේ ගුරු දේවෝත්මයාණන් උනේ උන්වහන්සේයි. අපවත් වී වදාල පරම පූජනීයඅග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේ අපේ අනෙක් ගුරු දේවෝත්මයාණන් වහන්සේයි. උන් වහන්සේලා දෙනමම සංසාරයේ ප්‍රර්ථනා කර ගෙන ආවාක් වගේ උන්වහන්සේලාගේ උදාරතර ගුරු දේවෝත්මයාණන් වුන ඒ පැලෑනියේ සිරි වජිරඤාන මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ඒ උතුම් ගුරු හෙවනේ හැදෙමින් වැඩෙමින් ඒ ලබා ගත්ත ආදර්ශය, ඒ ලබා ගත්ත පරමාදර්ශයන් ඒ අනුසසාසනයන් ඉතාම හොඳට උන්වහන්සේලාගේ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේලා වෙත ප්‍රදානය කරමින් ඒ වගේම අනාගතයේ සංඝ සමාජය හැඩ ගස්වන්නට ඒ අනුව උන්වහන්සේලා ගත්ත පරිශ්‍රමය අපට වචනයෙන් කිව නොහැකි තරමයි.හැම නිකායකම ගෞරවය ප්‍රසාදය උන්වහන්සේලා දිනා ගත්තේ අන්න ඒ නිසයි උන්වහන්සේලා අප්‍රමාණව කැපවුනා විශේෂයෙන්ම 1958 අවුරුද්දේ මහරගම සිරි වජිරඤාන ධර්මායතනය ආරම්භ කරපු අවස්ථාව, ඒ ධර්මායතනය ආරම්භ කළේ ම හොඳට උගත් ගුණවත් සිල්වත් භික්ෂූන් වහන්සේලා පරම්පරාවක් මේ ශාසනයට දායාද කර දීමටයි. එය පැලෑනියේ මහා නායක මාහියණන් වහන්සේට කරන උතුම් ගුරු පූජාවක් හැටියට තමයි ඒ ආයතනය ආරම්භ කළේ.එය ස්වාධීන ආයතනයක් ඒ වගේම භික්ෂු අධ්‍යාපනයත් බොහොම ස්වාධීන වූ සැලැස්මක් හැටියටයි උන්වහන්සේලා පවත්වා ගෙන ගියේ, ඉතින් උන්වහන්සේලාගේ ඇල්ම, බැල්ම, රැක්ම උන්වහන්සේලාගේ හෙවන යටතේ අපි ලබාගත්ත පරමාදර්ශයන් අපි ලබාගත්ත ආශිර්වාදයන් අපි ලබාගත්ත ජිවිතේ පුරාවටම ලබාගත්ත අනුශාසනය මම හිතන්නේ ඉදිරි පරම්පරාවටත් ලබාදීම තමයි ඉතාම වැදගත් වෙන්නේ උන්වහන්සේ අපිට හැමදාම උදේට අපි වත පිරිත සජ්ජායනය කලාට පස්සේ පැය භාගයක් වැඩිම උනොතින් මිනිත්තු 45ක් විතර අපිට ධර්මානුකූලව අවවාද අනුශාසනා කරනවා.මේ සමාජය ගැන භික්ෂු සමාජය ගැන බුදු රජාණන් වහන්සේගේ ධර්මය ගැන ඒ ධර්මයට අනුව විනයානුකූලව හැඩගැස්වීම පිළිබඳව අපිට හුගාක් දේවල් උන්වහන්සේලාගේ ඒ අත්දැකීමුත් එක්ක අපට සඳහන් කරන්නට යෙදුනා.ඉතින් ඒවා සිහිපත් වෙනකොට උන්වහන්සේලාගේ ජීවිතය නැත්නම් උන්වහන්සේගේ ජීවිතය මොනතරම්නම් පිරිපුන් ජීවිතයක්ද මොන තරම් ගුණසම්පන්න ජීවිතයක්ද කියල අපට තේරුම් ගන්න පුළුවන්.අවසාන කාලයේ උන්වහන්සේ බොහෝම විවේක වාසයට කැමති වුනා. උන්වහන්සේ භාවනාරාමතාවෙන් බොහොම කල් ගෙවන්නට බොහෝම කැමති වෙලා තමයි විශේෂයෙන්ම ආරණ්‍ය සේනාසන 6ක් 7ක් පමණ උන්වහන්සේගේම පරිශ්‍රමය නිසා ඇතිවුනා ඔය බොලවතරන සේනාසනය කටුපොත කන්ද, අඹකොටේ කන්ද ආදීහු ඒ සේනාසන.එතකොට ඒ සේනාසන පිහිටුවීමේ අරමුණ වුනේ තමන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේලාට ඒ විවේකවාසය තුළ ඒ භාවනාරාමතාවෙන් මේ සසුන් බඹසරයේ ඇලී ගැලී වාසය කරලා මේ මහණ කමේ ප්‍රතිඵලයක් නෙලාගැනීම තමයි, නෙලගැනීමේ ආදර්ශය ලබාදීමට තමයි උන්වහන්සේ මඟපෙන්වීම කලේ .එතකොට මහනායක මාහිමියන් වහන්සේගේ ඒ මිනිසා හද රට හැදීමේ පරමාදර්ශයත් එක්ක ඇත්ත වශයෙන්ම ලොකු හාමුදුරුවෝ සමහර වෙලාවට සඳහන් කළා අපි ඒ කාරණය වගේම භික්ෂුව හදා රට හැදීමේ කාරණයත් මුලට ගන්න ඕන කියන කාරණය ඉතින් ඒ නිසා ඒ උන්වහන්සේලාගේ අදහස් ඉතාම හොඳට පෑහිලා හොඳට සමාන වෙලා ඒකාබද්ධව ක්‍රියාත්මක වෙච්ච් නිසා ඒ ශාසනයට සමාජයට ලැබිච්ච ප්‍රතිඵලයනම් අතිශයින්ම අද්විතීයයි ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම සඳහන් කරන්න කැමති මේ වෙලාවේදී අපවත් වී වදාල අභිදජ මහා රට්ඨ ගුරු අපේ පරම පූජනීය බලන්ගොඩ ආනන්ද ‌මෛත්‍රී මහනායක මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අපේ ලොකු හාමුදුරුවන්ගේ 70වන ජන්ම දිනයේදී පළකරපු ඒ අවිස්තව ග්‍රන්ථයට පුංචි ලිපියක් ඉදිරිපත් ඒ ලිපිය අවසන් කරන්නේ මහනායක ස්වාමින් වහන්සේ මෙන්න මේ අකාරයටයි බොහොසුබවද , කථිකබවද ගත රසයු බවද යන මේ කිසිවෙකෙනුත් නොමගට නොවැටී එළඹ සිටි සිහියෙන් තමන්ම ගත් මඟින් නිහඩව යන ටික දෙනෙකුන් පැවිදි තැන් අතුරෙහි උස් තැනක සිටි කෙනෙක් වෙති ගිහි පැවිදි වැඩි දෙන පෙරළාගෙන හමන ධර්මප්‍රතිරූපක අධර්ම ඡණ්ඩ මාරුතයට ඔබ මුහුණ පා කෙලින් සිටිති. තමන් ගත මඟින් නො ඉවත්ව නොවක්ව හැබෑ සැටියෙන්ම යසස් නොපතා ලාභ නොපතා ශ්‍රාමන්‍යම ඉලක්ක කොට ගෙන මහණදම් පුරති සිල් රකිති ඉවසුම් වඩති මේ කවුරුද ?අම්පිටියේ රාහුල මහා තෙරණුවෝය.මම හිතන්නේ මහනායක මාහිමියන් වහන්සේගේ මේ කෙටි වාක්‍ය කන්ඩනම පැහැදිලි වෙනවා උන්වහන්සේගේ චරිතයේ ප්‍රතිරූපය ප්‍රතිවිම්භය කොයි ආකාරයද කියන කරණය. ඉතිං අන්න ඒ නිසා හැම වෙලාවකදීම මහණකම අගයමින් බොහෝ දෙනාට මහණ කමේ අභිරමණයට රුකුල් සපයමින් අවවාද අනුශාසනා කරමින් සසුන ගැනම කල්පනා කරමින් ශාසනයේ අභිවෘද්ධිය විශේෂයෙන් භික්ෂුන් වහන්සේලගේ මේ ශාසනය රැකෙන වැඩපිළිවෙල ගැන අවධානය යොමුකරමින් තමයි උන්වහන්සේ සිහියෙන් ඒ වගේම ආදර්ශ සම්පන්නව උන්වහසේ ක්‍රියා කළේ මම හිතන්නේ ඒ වාගේ මහා තෙරවරු ඒ වාගේ දුර්ලභ ගණයේ සඝ පිතෘවරු වහන්සේලා නිසා තමයි මේ ශාසනයේ එළිය මේ ශාසනයේ සුපිළිපන් බව සුපහන් බව ආරක්ෂා වුනේ.ඉතින් ඒ සඳහා අපේ ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් ලැබිච්ච දායකත්වය නම් අතිශයින්ම විශාලයි. ඒ නිසා මේ වෙලාවේදී අපි අපේ ගුරු දේවෝත්තම අම්පිටියේ ශ්‍රී රාහුල නායක මාහිමියන් වහන්සේට උන්වහන්සේ පැතූ ලෙසින්ම ඉක්මන් භවයකදී මේ සසර දුක්‌ ගෙවා සසර දුක් නිවා ඒ අමා මහා නිවන් සුවය අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට අත්පත් වේවා කියා අපි බොහොම බැතිබරව බොහොම සංවේග පූර්වකව මේ වේලාවේදී ප්‍රර්ථනා කර සිටිනවා

Posted by Dhanushka Ramanayake on Tuesday, February 18, 2020
Late Ven. Ampitiye Sri Rahula was a Sangha Patriarch in essence

Late Ven. Ampitiye Sri Rahula was a Sangha Patriarch in essence

Posted by Dhanushka Ramanayake on Wednesday, February 19, 2020

Leave a Reply