1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

කඨින චීවර පූජාව, සිවු මුනි සෑය කොත නිරාවරණය, හා බෝධිඝරය විවෘත කිරීම

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

බම්බලපිටිය සිරි වජිරාරාමයට අනුබද්ධ ශාකා විහාරස්ථානයන්හි පුණ්‍යෙත්සව හා ක්‍රියාකාරකම්: කඨින චීවර පූජාව, සිවු මුනි සෑය කොත නිරාවරණය, හා බෝධිඝරය විවෘත කිරීම රත්නපුර පැල්වාඩිය සිරි වජිරාරාම බෝධිගිරි විහාරස්ථානයේදී..

බම්බලපිටිය සිරි වජිරාරාමයේ පැරණි ශාඛාවක් වන රත්නපුර – පැල්වාඩිය, සිරි බෝධිගිරි විහාරයේ වාර්ෂික කඨින පුණොත්සවයට සමගාමීව පැවැත්වුන අභිනවයෙන් ඉදි කෙරුණ චෛත්‍යරාජයාණන් වහන්සේගේ (සිවු මුනි සෑය) කොත නිරාවරණය, අභිනව බෝධිඝරය විවෘත කිරීම හා මහා සංඝගත දක්ෂිණාව නොවැ. 02, 03 දෙදින තුල ඉතා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

නොවැ.02 දින සවස බෝධි පූජාවෙන් පසු රාත්‍රී 8.30 සර්ව රාත්‍රීක පිරිත් දේශණය ආරම්භ කරන ලදි.

නොවැ.03 දින පෙ.ව. 2.00 කඨින චීවරය රැගත් පෙරහැර ජයවතී මහත්මියගේ නිවසින් පිටත වී විදි සංචාරයෙන් පසු පෙ.ව. 5.00 ට පමණ විහාරස්ථානයට පැමිණෙන ලදි.

අනතුරුව පෙ.ව. 7.30 ට අභිනවයෙන් ඉදි කෙරුණ චෛත්‍යරාජයාණන් වහන්සේන්ගේ කොත නිරාවරණය කිරීමත්, පෙ.ව. 8.10 ට අභිනව බෝධිඝරය විවෘත කිරීමත් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ සුරතින් හා ආචාර්ය ඕමල්පේ සෝහිත මහා නා හිමින්, ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍යතර බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන්ද, ශ්‍රී ලංකාවේ මියැන්මාර් තානාපති හන් තු (Han Thu), දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

කොළඹ – පංචිකාවත්තේ ඔටෝ හවුස් සමූහ ව්‍යාපාරයේ අධිපති ආසිරි ජයවර්ධන මහතාත් පුෂ්පා ජයවර්ධන මහත්මියත් සෑරදුන් ඉදිකර වූ අතර බෝධිඝරය ඉදිකරවන ලද්දේ පාමංකඩ තවීන්ද්‍ර ජිනදාස දම්පතීන් විසිනි.

අනතුරුව පෙ.ව. 11.00 ට අර්ධ ශතාධික සංඝගත දක්ෂිණාවක් දා පවත්වන්නට යෙදුණි. බෝධිගිරි විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවයට සමගාමීව පැවැත්වුණු මෙම පින්කම් මාලාව සංවිධානය කරනු ලැබුවේ බම්බලපිටියේ සිරි වජිරාරාම ශාසන සාවිකා සමිතියයි.

– ඡායාරූප: ප්‍රවින් සමරසිංහ

Leave a Reply