1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

සාංඝික හීල දානය සහ නව අවුරුදු හිස තෙල් ගෑමේ සිරිත

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

සාංඝික හීල දානය සහ නව අවුරුදු හිස තෙල් ගෑමේ සිරිත

Hila Danaya by the Dhamma School Prefects and Hisa Thelgama 2019

සිරි වජිරාරාම දහම් පාසලේ නව ශිෂ්‍ය නායක-නායිකා මඩුල්ල පත් වීමෙන් පසු සාම්ප්‍රදායිකව දෙනු ලබන ප්‍රථම සාංඝික හිල දානය මෙවරත් ඉතා සුවිශේෂ මුහුණුවරකින් සිදු කරන ලදී. මේ සඳහා සිරි වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමිපානන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කල අතර එහිදී මහා නාහිමියෝ විසින් නව ශිෂ්‍ය නායක-නායිකා මඩුල්ල වෙත පිරිත් සජ්‍යායනය කර ආශීර්වාද කරන ලදී.

ඉන් අනතුරුව මෙදිනම (17) උදෑසන 7.40ට යෙදුණු සිංහල අළුත් අවුරුදු හිස තෙල් ගෑමේ චාරිත්‍රය විහාරස්ථාන බෝමළුවේදී මහා නාහිමියන් ඇතුලු මහා සංඝරත්නයේ පිරිත් ආශීර්වාද මැද සිදු කරන ලදි. මෙම අවස්ථාවට සිරි වජිරාරාම විහාරස්ථානයේ පින්වත් දායක-දායිකාවන්, දහම්පාසල් දු දරුවන්, දෙමාපියන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූ අතර උත්සවය අවසානයේ සපැමිණි සියලු දෙනා හට කිරිබත් සහ කැවිලි සංග්‍රහයක්ද සිදු කරන ලදි.

ජායාරුප එකතුව:

ඡායාරූප – ජගත් පෙරේරා

Leave a Reply