1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

2019 දුරුතු (ජනවාරි) පුවත්

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

ජන 01

පූජ්‍ය මීගොඩ සුඛිත හිමියන් ‘දහම් සිතුවිලි’ උදෑසන ධර්ම දේශනාවෙන්

Ven. Meegoda Suikitha Thero from ITN ‘Daham Sithivili’ program on 01st of Jan 2019

ITN නාලිකාවේ පසුගිය ජනවාරි 1 වන දින හිමිදිරි උදෑසන විකාශය වූ ‘දහම් සිතුවිලි’ ධර්මදේශනාමය වැඩසටහන සඳහා සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියන් වන පූජ්‍ය මීගොඩ සුඛිත හිමියන් වැඩම කරන ලදි. 2019 වසර දහමෙන් තමන්ගේ ජිවිත අර්ථ සම්පන්න කර ගත යුතු ආකාරය පහදා දෙමින් ලෝ වැසි සියල්ලන් හට ආශීර්වාද කල උන්වහන්සේ 2019 වසරේ ITN නාලිකාවේ ප්‍රථම ධර්මදේශනාව එසේ සිදු කරන ලදී.

ජන 03

මෙවර ‘සංවාදය’ වැඩසටහනින් මහ නාහිමියන් සජීවීව

‘Sanwadaya’ Live program with Maha Nayaka Thero on 03rd of Jan 2019

පසුගිය ජනවාරි 3 වන දින රාත්‍රි 10ට විකාශය වූ ITN නාලිකාවේ ‘සංවාදය’ සජීවී වැඩසටහනට සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමිපාණන් වහන්සේ වැඩම කළහ.

ථෙරවාදී බුදු දහමේ හරය ලෙස හැඳින්වෙන ත්‍රිපිටකය, ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කිරීමට අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර අනුමත කිරීම පිළිබඳව සිදු කරන ලද සුවිශේෂ සාකච්ඡාව මෙවර විකාශය වූ ‘සංවාදය’ වැඩසටහනේ මුලික අරමුණ විය.

මෙම වැඩසටහන සඳහා අප මහ නාහිමියන්ද, පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සහ බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවේ ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලයේ ලේකම් කේ. කේ. සුගතපාල මහතා පැමිණ සිටි අතර වැඩසටහන මෙහෙයවන ලද්දේ මාධ්‍යවේදී චරිත දනංජය මහතා විසිණි.

(වැඩි විස්තර සඳහා පිවිසෙන්න)

ජන 05, 06

පූජ්‍ය මීගොඩ සුඛිත හිමිපාණන් ස්වර්ණවාහිනී ‘අද දවස’ වැඩසටහනේ ධර්ම කතිකාවතට

Ven. Meegoda Shikitha Thero at Swarnawahini ‘Ada Dawasa’ program dhamma discussion on 05th of Jan 2019

පසුගිය ජනවාරි 5 වන සහ 6 වන දෙදින තුල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ ‘අද දවස’ සති අන්ත වැඩසටහනේ ධර්ම කතිකාවත සඳහා සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියන් වන පූජ්‍ය මීගොඩ සුඛිත හිමියන් වැඩම කල අතර එහිදී ලක් වැසි බෞද්ධ සැදැහැවතුන් විසින් ඉදිරිපත් කරන ලද දහම් ගැටළු රැසකට පිළිතුරු සපයන ලදි.

ජන 13

2019 වසර සඳහා නවක සිසු-සිසුවියන් පිළිගැනිමේ උලෙළ

New student’s Welcome Ceremony 2019

සිරි වජිරාරාම දහම්පාසලට 2019 වසර සඳහා නවක සිසු සිසුවියන් ඇතුළත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පිළිගැනිමේ උත්සවය පසුගිය 13 වන ඉරුදින සිරි වජිරාරාම ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. මේම උත්සවය සිරි වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ සිරි වජිරාරාම දහම්පාසලේ අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමියන්, දහම්පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය මීගොඩ සුඛිත හිමියන් සහ වජිරාරාමවාසී ඥානසිහ යන හිමිවරුන් සහිත මහාසංඝරත්නයේ ආශීර්වාදයෙන් පවත්වන්නට යෙදුණි. උත්සවය සඳහා දහම්පාසල් ආචාර්ය මණ්ඩලය, දහම්පාසල් සිසු-සිසුවියන්, නවක සිසු-සිසුවියන් සහ දෙමපියන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වුහ.

(වැඩි විස්තර සඳහා පිවිසෙන්න)

ජන 14

සියවස් සමරු ප්‍රදර්ශනය සංවිධානය කිරීම වෙනුවෙන් පැවැත් වූ පළමු හමුව

The first meeting held to organize Centennial Anniversary Exhibition

2017 වර්ෂය සඳහා

ජන 27

ඉංග්‍රීසි දහම් පාසල ආරම්භ කිරීම සහ නවක ගුරු පත්වීම් ලබා දීමේ උලෙළ

Launching of the English Dhamma School and giving up new teaching appointments

ජන 29

පිවිසුම් දොරටුව අසල බුදුකුටිය සඳහා මුල්ගල තැබීම

Laying the foundation stone for the Buduketiya near the Entrance Gate

Leave a Reply