1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

2019 නවම් (පෙබරවාරි) පුවත්

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

පෙබ 02

1948 සිරිලක ලද නිදහස උදෙසා සිරි විදුරු අරම් පින් බිමේ දායකත්වය – ‘නියමාර්ථය’ සිරස TV වැඩසටහන

How Vajirarama Temple contributed for the freedom of Sri Lanka in 1948 – ‘Niyamartha’ Sirasa TV

පසුගිය පෙබරවාරි 02 වන දින සිරස නාලිකාවේ විකාශය වූ ‘නියමාර්ථය’ වැඩසටහන සිරි වජිරාරාම විහාරස්ථානය පිළිබඳව අතීත තොරතුරු ආවර්ජනය කරමින් මිලින්ද මොරගොඩ මහතා සමඟ සිදු කරන ලද පිළිසඳරකි. ප්‍රවීන මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා විසින් මෙහෙයවන ලද එම වැඩසටහන තුළින් එකල ලක්දිවට ලද නිදහස උදෙසා සිරි වජිරාරාමයේ වැඩ විසූ යතිවරයන්වහන්සේලා මෙන්ම සිරි වජිරාරාම ජය භූමියෙන් ලද දායකත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදී.

පෙබ 12

අපවත්වී වදාළ පුජ්‍ය කුළුගම්මන සුපේසල හිමිපාණන් වහන්සේගේ තෙමස දානමය පිංකම

3 month death anniversary alms giving ceremony of Late Ven. Kulugammana Supesala Thero’s was at Siri Vajiraramaya

පූජ්‍ය කුළුගම්මන සුපේසල හිමිපාණන් වහන්සේ අපවත් වී තෙමසක් සම්පුර්ණ වීම නිමිත්තෙන් පෙබරවාරි 12 වන දින මහා සංඝරත්නය උදෙසා හීල දානය, සපිරිකර සහිතව පුජා කරන ලද අතර අනතුරුව ගිහි පැවදි සියල්ලන් විසින් උන්වහන්සේ වෙත පුණ්‍යානුමෝදනාවක් සිදු කරන ලදී.

පෙබ 17

වජිරාරාම දහම් පාසල් කාර්යාල පරිශ්‍රය පිළිසකර කොට විවෘත කිරීම සහ නව ව්‍යවස්ථාව එළිදැක්වීම

Siri Vajirarama dhamma school office renovation and opening and the new constitution series launch

ඉකුත් පෙබරවාරි 17 වන ඉරු දින උදෑසන බුද්ධ වන්දනාවෙන් අනතුරුව සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද නව දහම්පාසල් සිසු ඇගයුම් පොත සහ නව පරිපාලන ව්‍යවස්ථා මාලාව එළිදැක්වීම සිදු විය. ඉන් අනතුරුව ඉතා නවීන ආකාරයට පිළිසකර කරන ලද ප්‍රධාන ශාලා ගොඩනැගිල්ලේ පිහිට ඇති දහම්පාසල් කාර්යාල පරිශ්‍රය විවෘත කිරීම මහා නාහිමියන් සහ දහම්පාසල් ප්‍රධානාචාර්ය පුජ්‍ය මීගොඩ සුඛිත හිමියන් විසින් සිදු කරන ලදී.

(වැඩි විස්තර සඳහා පිවිසෙන්න)

Leave a Reply