1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

2018 උඳුවප් (දෙසැම්බර්) පුවත්

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

දෙසැ 09

උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය – 2017

Certificate Award Ceremony for Year 2017

2017 වර්ෂය සඳහා දහම් පාසල් දැරූ දැරියන්ගේ දස්කම් ඇගැයෙමින් පවත්වන්නට යෙදුනු උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2018 උඳුවප් මස 09 වන දින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැත්වුණි. මෙම උත්සවය සඳහා වෙසෙසි ඇරයුම් ලබා සපැමිණි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යන අංශයේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ මහතා විසින් එහි වෙසෙසි දෙසුම සිදු කරන ලද අතර තුති දෙසුම සිදු කරන ලද්දේ සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන් විසින්ය.

(වැඩි විස්තර සඳහා පිවිසෙන්න)

 

දෙසැ 16

දෙටු සිසු සිසුවි අධ්‍යන චාරිකාව 2018

The study tour for Senior Students of the year 2018

බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ ජේෂ්ඨ දරු දැරියන් හට විශේෂ අධ්‍යන චාරිකාවක් සඳහා සහභාගී වීමට අවස්ථාවක් ලැබුණු අතර පසුගිය 16 වන ඉරුදින අළුයම ඒ සඳහා දහම් පාසල් ජේෂ්ඨ දරු දැරියන් රැගත් බස් රථ දෙකක් රත්නපුරය බලා පිටත් විය. මෙම චාරිකාව තුල බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයට අයත් පැරණි ශාඛාවක් වන රත්නපුර – පැල්වාඩිය, සිරි බෝධිගිරි විහාරයටද, “මිතුරු-මිතුරෝ ” මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන්ගේ විශෝදන මධ්‍යස්ථානය සහ රත්නපුර මහ සමන් දේවාලයද යන ස්ථාන වෙත ගමන් කරන ලදි.

(වැඩි විස්තර සඳහා පිවිසෙන්න)

දෙසැ 22

අතිපුජ්‍ය ගංගොඩවිල සෝම හිමි ගුණ අනුස්මරණ සීල සමාදානය

Most Ven. Gangodawila Soma Thero memorial Sil Program

2017 වර්ෂය සඳහා දහම් පාසල් දැරූ දැරියන්ගේ දස්කම් ඇගැයෙමින් පවත්වන්නට යෙදුනු උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2018 උඳුවප් මස 09 වන දින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැත්වුණි. මෙම උත්සවය සඳහා වෙසෙසි ඇරයුම් ලබා සපැමිණි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යන අංශයේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ මහතා විසින් එහි වෙසෙසි දෙසුම සිදු කරන ලද අතර තුති දෙසුම සිදු කරන ලද්දේ සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන් විසින්ය.

දෙසැ 24

යාපනයේ දමිළ පාසල් දරුවන්ගේ කොළඹ සංචාරය

Visit of Jaffna schoolchildren to Colombo

අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමිපාණන් වහන්සේගේ සහ පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කරන ලද යාපනය කරවෙඩ්ඩි නාරද විද්‍යාලයේ සහ පුත්තුර් මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ දමිළ දූ දරුවන්ගේ කොළඹ චාරිකාවේ එක් විශේෂ අවස්ථාවක් ලෙස බම්බලපිටියේ සිරි වජිරාරාම විහාරස්ථානය වෙත පසුගිය 24 වන දින සවස පැමිණි අතර ඔවුන් වෙනුවෙන් සිරි වජිරාරාම විහාරස්ථාන ප්‍රධාන ධර්ම ශාලාවේ විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.

(වැඩි විස්තර සඳහා පිවිසෙන්න)

 

Leave a Reply