1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

දහම්පාසල් ගුරු මණ්ඩලය සඳහා විශේෂ ගුරු පුහුණු වැඩමුළු දෙකක්..

සිරි වජිරාරාම දහම්පාසල් ගුරු ආකල්ප ප්‍රවර්ධන කමිටුව විසින් සංවිධානය කරන ලද විශේෂ ගුරු පුහුණු වැඩමුළු දෙකක් දහම්පාසල් ගුරු මණ්ඩලය සඳහා පවත්වන ලදි.

අධ්‍යාත්මික ආකල්ප හා අධ්‍යාත්මික සංවර්ධනය සඳහා උපදේශන ඒකකයක් ආරම්භ කිරිමට සියවස් සමරු කමිටුව විසින් යෝජනා කර ඇත. ඒ අනුව ගුරු ආකල්ප ප්‍රවර්ධන කමිටුව විසින් සංවිධානය කරන ලද ළමා උපදේශණය පිළිබඳව විශේෂ ගුරු පුහුණු වැඩමුළු දෙකක් සිරි වජිරාරාම දහම්පාසල් ගුරු මණ්ඩලය සඳහා 2017.10.14 සහ 2017.12.02 යන දෙදින තුල පවත්වන්නට යෙදුණි.

මේ සඳහා වෛද්‍ය චුලා ගුණසිංහ, වෛද්‍ය එම්. සම්පත්, වෛද්‍ය ප්‍රසාද් වික්‍රමරත්න, යසා සිරිවර්ධන සහ සත්‍රිකා ගුණවර්ධන යන මහත්ම මහත්මීන් විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි.

ගුරු ආකල්ප ප්‍රවර්ධන වැඩමුළුව (ඡායාරූප)