Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය – 2017

2017 වසර සඳහා බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසල් උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

2017 වර්ෂය සඳහා දහම් පාසල් දැරූ දැරියන්ගේ දස්කම් ඇගැයෙමින් පවත්වන්නට යෙදුනු උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2018 උඳුවප් මස 09 වන දින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැත්වුණි. මෙම උත්සවය සඳහා වෙසෙසි ඇරයුම් ලබා සපැමිණි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යන අංශයේ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ මහතා විසින් එහි වෙසෙසි දෙසුම සිදු කරන ලද අතර තුති දෙසුම සිදු කරන ලද්දේ සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන් විසින්ය.

තවද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය කුසුම්ලතා ලංකාමුල්ල මහත්මිය, ප්‍රවිණ කලශිල්පි ජනනාත් වරකාගොඩ මහතා, සිරි වජිරාරාම විහාරස්ථාන කාර්යසාධක සමිතියේ සභාපති මහින්ද මඩිහහේවා මහතා සහ එම සමිතියේ අනුශාසක එල්.එච්. පියසේන මහතා ද ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම සහතික පත්‍ර ප්‍රදානෝත්සවය ඉතා සාර්ථකව පවත්වන ලදි.

Exit mobile version