Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

සියවස් සමරුව 1918 – 2018 ප්‍රථම සති දහම් පාසල පිහිටුවීම

සියවස් සමරුව 1918 – 2018 ප්‍රථම සති දහම් පාසල ආරම්භ කිරීම

1918 – 2018 සියවස් සමරු ජයන්තිය වෙනුවෙන් සිදු කරන වැඩසටහන් මාලාවේ එක් සුවිශේෂි අදියරක් ලෙස සැලකු ‘සති දහම් පාසලක්’ පිහිටුවීමේ ආරම්භක වැඩසටහන අද දින (11) පැවැත්වුණු අතර එය සංවිධානය කරන ලද්දේ සති දහම් පාසල ව්‍යාපෘති කමිටුව විසිණි.

සියවස් සමරු වැඩපිළිවෙලේ ‘ආධ්‍යාත්මික ආකල්ප හා අධ්‍යාපන සංවර්ධන’ යන තේමාව යටතේ සිදු කෙරෙන මෙම භාවනා වැඩමුළුව මෙහෙයවීම මීතිරිගල නිස්සරණ වන සෙනසුනෙහි කම්මට්ඨානාචරිය අතිපූජ්‍ය උඩුඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදි. උන්වහන්සේගේ අනුශාසනා පරිදි දිවයින පුරා පාසල් වල ක‍්‍රියාත්මක කෙරෙන “සති පාසල” සිහිය පුහුණු කිරීමේ භාවනා වැඩ පිළිවෙල “සති දහම් පාසල” නමින් සිරි වජිරාරාම දහම් පාසල තුළ ක‍්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කෙරේ.

මේ සඳහා වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුනාමලේ ආනන්ද නාහිමියන් ඇතුළු වජිරාරාමවාසී මහා සංඝරත්නය වැඩම කල අතර සිරි වජිරාරාම දහම්පාසලේ ගුරු මණ්ඩලය, සිසු සිසුවියන් හා දෙමාපියන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වුහ.

අද දින ආරම්භ වූ මෙම වැඩසටහන ඉදිරියේදී දහම්පාසල් ආචාර්ය මණ්ඩලය, දැරූ-දැරියන් ඇතුළු සියලුදෙනාහට අඛණ්ඩ ව භාවනා පුහුණුව ලබා දීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.

ජායාරුප එකතුව:

ඡායාරූප – විසුර සංජය විරතුංග

Exit mobile version