Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

දෙටු සිසු සිසුවි අධ්‍යන චාරිකාව 2018

දෙටු සිසු සිසුවි අධ්‍යන චාරිකාව 2018

බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ ජේෂ්ඨ දරු දැරියන් හට විශේෂ අධ්‍යන චාරිකාවක් සඳහා සහභාගී වීමට අවස්ථාවක් ලැබුණු අතර පසුගිය 16 වන ඉරුදින අළුයම ඒ සඳහා දහම් පාසල් ජේෂ්ඨ දරු දැරියන් රැගත් බස් රථ දෙකක් රත්නපුරය බලා පිටත් විය.

මෙම චාරිකාව තුල බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයට අයත් පැරණි ශාඛාවක් වන රත්නපුර – පැල්වාඩිය, සිරි බෝධිගිරි විහාරයටද, “මිතුරු-මිතුරෝ ” මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන්ගේ විශෝදන මධ්‍යස්ථානය සහ රත්නපුර මහ සමන් දේවාලයද යන ස්ථාන වෙත ගමන් කරන ලදි.

උදෑසන ආහාරය පැල්වාඩිය, සිරි බෝධිගිරි විහාරයේදී සියල්ලන් හට පිරිනැමුණු අතර ඒ සඳහා එම විහාරාධිකාරී හිමියන් ඇතුළු විහාරස්ථාන කාර්යසාධක සමිතිය හා සාසන සාවිකා සමිතිය විසින් මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.
ඉන් අනතුරුව මෙම අධ්‍යන චාරිකාවේ ප්‍රධාන අරමුණ වූ පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යනු ලබන “මිතුරු-මිතුරෝ” ආයතනය වෙත පැමිණි අතර ඔවුන් විසින් අප දරු-දැරියන්ව මහත් හරසරින් පිළිගන්නා ලදි.

පසුව දිනය පුරාවටම පැවැත්වු වැඩසටහන විශේෂ දේශන, නාට්‍ය, නර්ථන හා ගීත ගායනා ආදී විශේෂාංග රැසකගෙන් අලංකෘත විය. තවද එහි සියල්ලන් අප හා ඔවුන් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ ආකාරය හා එයින් අත්මිදුනු අන්දම වැනි පෞද්ගලික අත්දැකීම් පවා බෙදා ගත් අතර එම අවස්ථාවන් ඉතා සංවේදී විය. වැඩසටහන අවසානයේදී පැමිණි සියලුදෙනා හට ඉතා ප්‍රනීත දිවා ආහාර වේලක් එම ආයතනයෙන් ම පිරිනැමුණි.

ඉන් අනතුරුව සියල්ලෝම සවස රත්නපුර මහා සමන් දේවාලය වැඳපුදාගෙන අවසානයේ නැවත බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානය වෙත පැමිණිමෙන් අධ්‍යන චාරිකාව සාර්ථකව නිමාවට පත් විය.

– ඡායාරූප: ප්‍රවින් සමරසිංහ

Exit mobile version