Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

උට්ඨාන වීරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය – 2018

2018 වසර සඳහා බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසල් උට්ඨානවිරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

2018 වර්ෂය සඳහා දහම් පාසල් දැරූ දැරියන්ගේ දස්කම් ඇගැයෙමින් පවත්වන්නට යෙදුනු උට්ඨාන විරිය සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2019 උඳුවප් මස 08 වන ඉරුදින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැත්වුණි. මෙම උත්සවය සඳහා වෙසෙසි ඇරයුම් ලබා සපැමිණි ජේෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතා විසින් එහි වෙසෙසි දෙසුම සිදු කරන ලද අතර තුති දෙසුම සිදු කරන ලද්දේ සිරි වජිරාරාමාධිපති අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමිපානන්වහන්සේ විසින්ය. මෙහිදී සම්මානනීය ආචාර්යවරියන් සය දෙනෙකු හට ධම්මගුරු ගෞරවාභිනන්දන සම්මානයන් ද, නවක ගුරුවර-ගුරුවරියන් හට නිල ලාංඡනද ප්‍රදානය කරන ලදී.

තවද සිරි වජිරාරාම විහාරස්ථාන කාර්යසාධක සමිතියේ අනුශාසක එල්.එච්. පියසේන මහතා ද ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම සහතික පත්‍ර ප්‍රදානෝත්සවය ඉතා සාර්ථකව පවත්වන ලදි.

Exit mobile version