Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

2018 වප් (ඔක්තෝබර්) පුවත්

ඔක්තෝබර් (11) – පූජනීය මීගොඩ සුඛිත හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාද පතා සිදුකල අටවිසි බොධි පූජා පිංකම

බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මීගොඩ සුඛිත ස්වාමීන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට සෙත් පතා සිදුකරන ලද අටවිසි බොධි පූජා පිංකම ඔක්. 11 වන බ්‍රහස්පතින්දා සවස 6 ට සැදැහැවතුන් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් සිරි වජිරාරාමයේදී පැවැත්විය..

(ඡායාරූප නැරඹීමට පිවිසෙන්න)

ඔක්තෝබර් (21) – සිරි වජිරාරාම දහම් පාසලේ වාර්ෂික දෙමාපිය හමුව

ඔක්.21 ඉරු දින බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසලේ වාර්ෂික දෙමාපිය හමුව සිරි වජිරාරාමධිපති අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙහිදී මුලසුනේ දෙසුම මහානාහිමියන් විසින්ද අනෙකුත් දේශන දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියන් සහ උප ප්‍රධානාචාර්ය නීතීඥ ප්‍රියන්ත මායාදුන්න මහතා විසින් සිදු කරන ලදි.
“සදහම සවිමත් පරම්පරාවක්- මිනිසි දහම් සරු සිරි ලංකාවක්” යන තේමාව යටතේ දැයේ දුදරුවන් යහපත් ගුණගරුක පුරවැසියන් වශයෙන් මවුබිමට දායද කිරීම අරමුණු කරගත් මෙම දහම් පාසලෙන් සිදු කරන මෙහෙයත්, එයින් උපරිම ප්‍රතිඵල නෙලා ගැනීමට දෙමාපියන්ගෙන් ලැබිය දායකත්වය පිළිබඳව මෙදින පැමිණ සිටි දෙමාපියන් දැනුවත් කරන ලදි. මෙම හමුව සඳහා දහම් පාසලේ අධ්‍යක්ෂ පූජ්‍ය කඹුරුගමුවේ මහානාග ස්වාමීන්වහන්සේද, දහම් පාසල් උප ප්‍රධානාචාර්යණි නීතීඥ ශිරන්ති ජයතිලක මෙනෙවියද ඇතුළු ශ්‍රේණි භාර ආචාර්යවරුන් සහ දෙමාපියන් බොහෝ පිරිසක් සහභාගිව සිටියහ…

(ඡායාරූප නැරඹීමට පිවිසෙන්න)

ඔක්තෝබර් (22) – පූජ්‍ය කඹුරුගමුවේ මහානාග හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ආශීර්වාද පතා සිදුකල අටවිසි බොධි පූජාව

බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂ පූජ්‍ය කඹුරුගමුවේ මහානාග ස්වාමීන්වහන්සේගේ සහ සිරි වජිරාරාම දහම් පාසල් කළමණාකාර ආසිරි ජයවර්ධන මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සෙත් පතා සිදුකරන ලද අටවිසි බොධි පූජා පිංකම ඔක්. 22 වන සඳුදා සවස් කාලයේදී සැදැහැවතුන් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් සිරි වජිරාරාම පැරණි ධර්ම ශාලාව්දී පැවැත්විණි.

(ඡායාරූප නැරඹීමට පිවිසෙන්න)

සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාව සහ වාර්ෂික කඨින පුණ්‍යෙත්සවය 2018

බම්බලපිටිය සිරි වජිරාරාමයේ වාර්ෂික කඨින පුණ්‍යෙත්සවය මෙම වසරේ ඔක්තෝම්බර් 27 – 28 දෙදින තුල පැවැත්වුණු අතර මෙවර එහි දායකත්වය උසුලනු ලැබූයේ සිරි වජිරාරාම සාසන සාවිකා සමිතිය විසිණි.

ඔක්. 27 දින රාත්‍රී 7.00 ට බුද්ධ පූජාවෙන් මෙම පුණ්‍යෙත්සවය ආරම්භ වූ අතර රාත්‍රී 8.00 ට මහ සංඝරත්නය වැඩමවීමෙන් පසුව සර්වරාත්‍රීක පරිත්‍රාණ දේශනය ආරම්භ විය.
පසුදින උදෑසන 4.00 ට වැල්ලවත්තේ තරුණ බෞද්ධ සමිති ශාලාවෙන් පිටත් වූ කඨින චීවරය රැගත් පෙරහර වීදි සංචාරයෙන් අනතුරුව උදෑසන 6 වන විට නැවත විහාරස්ථානයට පැමිණෙන ලදි. ඉන් අනතුරුව විශාල පිරිසකගේ සාදු නාද මධ්‍යයේ සාසන සාවීකා සමිති සාමාජිකාවන් විසින් මහ සංඝරත්නය උදෙසා කඨින චීවරය පූජා කරන ලදී.

එදිනම සවස 5.30ට අටවිසි බුද්ධ පූජාව පැවත්වුණු අතර සවස 6.00 ට ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කඨිනානිශංස ධර්ම දේශනය සිදු කරන ලදි.

ඔක් (27) – බුද්ධ පූජාව සහ සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාව

ඔක් (28) – වාර්ෂික කඨින පුණ්‍යෙත්සවය 2018

Exit mobile version