Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

Blood Donation Campaign by Prefects 2015

ලේ දන් දීමේ පිංකම 2015

11187382_742458515866762_6075192859911807870_o

සිරි වජිරාරාම දහම් පාසල් ශිෂ්‍ය නායක නායිකා සංසදය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ පිංකම 2015 මැයි 10 වන දින බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

අති සාර්ථක ලෙස නිම වුණු මෙම පිංකම සදහා 100කට වැඩි පිරිසක් සහභාගී වූහ. ලේ පරිත්‍යාග කල පිරිස අතර ගුරුවරුන්, දෙමාපියන් මෙන්ම දහම් පාසල් ශිෂ්‍යයන්ද වූහ. ලේ දන් දීමට සහභාගී වූ පිරිසෙන් වැඩි පිරිසක් තරුණයන් වීම පිරිහෙමින් යන මෙම සමාජ රැල්ලට අසු වුණු පුද්ගලයන් හට පුර්වාදර්ශයකි.

මෙදින මෙම පිංකමට සහභාගී වී මෙම දාන උප පාරමිතාව පිරූ සියල්ලන්ටම නිදුක් නිරෝගී සම්පත් ලැබේවා! ඔබගේ රුධිරයෙන් තවකෙකු ජිවත් කරවීමට අප හා අත්වැල් බැද ගත් සහෘදයනි, ඔබ සැමදා අප හද තුල ලැගුම් ගත් නිහඩ වීරයෙකි!

(ඡායාරූප)

Exit mobile version