Site icon Siri Vajirarama Temple Colombo 04. Official Website

දහම් පාසලට වසර 100ක් පිරීම නිමිත්තෙන් ධර්ම දේශනා සියයක්!

බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසලට වසර 100ක් පිරීම නිමිත්තෙන් පවත්වන ධර්ම දේශනා සියයේ වැඩසටහන් ව්‍යාපෘතිය.

බම්බලපිටියේ සිරි වජිරාරාම දහම් පාසලට වසර 100ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ධර්ම දේශනා 100 සඳහා ධර්ම දේශනා වාරයක් භාර ගෙන මෙම පිංකම සඳහා ඔබටත් දායක විය හැක.

මෙම වැඩසටහන 2017 අගෝස්තු 18 දින සිට 2018 දෙසැම්බර් 18 දින දක්වා ක්‍රියාත්මක වේ.

ඕනෑම මසක මෙම ධර්ම දේශනා වාරය පොහොය දිනක හෝ විශේෂ අවස්ථා මුල්කරගෙන දිවයිනේ ඕනෑම විහාරස්ථානයකදී පැවැත්විය හැක. එහි දායකත්වය එම ධර්ම දේශනය සඳහා ආරාධනය කරන පින්වත් පිරිස දැරිය යුතු අතර පුණ්‍යානුමෝදනාව මෙම මෙම වැඩසටහන යටතේ ලබා දෙන යෝජනා පත්‍රයට අනුව සිදු කල යුතුය.

මෙම පිංකමට අදාළ යෝජනා පත්‍රය ඔබට දහම් පාසල් කාර්යාලයෙන් ලබා ගත හැක. ධර්ම දේශනා වාරය පවත්වා අවසානයේ එම ලබාගත් ආකෘති පත්‍ර සම්පුර්ණ කර හැකි නම් එම ධර්ම දේශනාව පවත්වන අවස්ථාව සහ දායක පින්වතුන් පිරිකර පුජා කරන අවස්ථාවේදී ගන්නා ලද ඡායාරූප දෙකක් පමණ එම සම්පුර්ණ කල ආකෘති පත්‍රය සමඟ අමුණා දහම් පාසල් කාර්යාලය වෙත ලබා දෙන්න.

විමසීම්: 01125230475

Ven Thrikunamale Ananda Thero | 2018-08-18
Exit mobile version